Jump to content

කෘත්‍රීම බුද්ධිය

විකිපීඩියා වෙතින්
මෙහි දැක්වෙන්නේ ලෝක චෙස් ශූරයෙකුට එරෙහිව ප්‍රථම වරට චෙස් තරඟයක් ජයග්‍රහණය කළ යන්ත්‍රය වන ඩීප් බ්ලූ නම් පරිගණකයයි.

කෘතිම බුද්ධිය යනු යන්ත්‍ර හා සම්බන්ධ වු බුද්ධිමත් ක්‍රියාකාරීත්වය මෙන්ම එවන් ක්‍රියාකාරීත්වයක් ඇති කිරීම සදහා ක්‍රියාත්මක වන විද්‍යා‍ක්ෂේත්‍රය හැදින්වීමට ද යෙදෙන පදයකි.

කෘතිම බුද්ධිය හා සම්බන්ධ වන ප්‍රමුඛ පෙලේ ග්‍රන්ථයන් කෘතිම බුද්ධිය යනු බුද්ධිමත් නියෝජිතයින් සම්බන්ධ අධ්‍යයනයන් සහ නිර්මාණයන් සිදු කිරීම ලෙස අර්ථ දැක්වෙයි. මෙහිදී බුද්ධිමත් නියෝජිතයෙකු ලෙස හැදින්වෙනුයේ තම පරිසරය අවබෝධ කර ගනිමින් සාර්ථකත්වය උපරිම වන පරිදි ක්‍රියාකාරීත්වයන් දැක්වීමෙහි සමත්කමක් ඇති පද්ධතීන් වෙයි. කෘතිම බුද්ධිය වෙත ලඟාවීම යනු බුද්ධිමත් බවෙහි මූලික හරය තුළ ක්‍රියාකරණ අමූර්ත බුද්ධිමත් නියෝජිතයන් නිර්මාණය කිරීම ලෙස හැදින්විය හැක. කෘතිම බුද්ධිය හැදින්වීම සදහා යෙදෙන ඉංග්‍රීසි වදනෙහි නිර්මාතෘ ජෝන් මැකාති එය අර්ථ දක්වනුයේ බුද්ධිමත් යන්ත්‍ර නිර්මාණය කිරීමේ විද්‍යාව සහ ඉංජිනේරු ක්‍රියාවලිය ලෙස හැදින්වීය. ජෝන් මැකාති විසින් මෙම පදය හදුන්වාදෙන ලද්දේ 1956 වසරේදි වේ.

පර්යේෂකයන් යන්ත්‍ර වලට ලබාදීමට උත්සාහ කරන ගුණාංග අතරට හේතු දැක්වීම, දැනුම, සැලසුම් සකස් කිරීම, ඉගැනීම, සන්නිවේදනය, චින්තන විධික්‍රම සහ චලනය වීමේ හැකියාව සහ වස්තූන් හැසිරවීමේ හැකියාව යනාදිය වෙයි. සාමාන්‍ය මට්ටමේ බුද්ධිමත් භාවයක් යන්ත්‍ර වලට ලබාදීමට මෙතෙක් නොහැකිව ඇත. මෙවැනි ප්‍රබල මට්ටමේ කෘතිම බුද්ධියක් නිර්මාණය කිරීම කෘතිම බුද්ධිය හා සම්බන්ධ පර්යේෂණයන්ගේ දිගු කාලීන අරමුණ වෙයි.

කෘතීම බුද්ධි පර්යේෂණ සදහා බොහෝ ක්ෂේත්‍රයන්ට අයත් දැනුම සහ උපාංග භාවිතා වේ. මෙම ක්ෂේත්‍රයන් අතරට පරිගණක විද්‍යාව, මනෝ විද්‍යාව, දර්ශනවාදය, ස්නායු විද්‍යාව, සංජනනීය විද්‍යාව, වාග් විද්‍යාව, සාරාර්ථ විද්‍යාව, සංකාර්යය පර්යේෂණ වේදය, ආර්ථික විද්‍යාව, පාලක වාදය, සම්භාවිතාව, ප්‍රශස්තිකරණය සහ තර්කනය ආදිය අයත් වෙයි. කෘතිම බුද්ධි පර්යේෂණ රොබෝවරු, පාලක පද්ධතීන්, කාල සටහන් සකස්කිරීම්, දත්ත කැණීම, මනා සංවිධානය, කටහඬ හදුනාගැනීම සහ මුහුණු හදුනාගැනීම ආදි විවිධ ක්ෂේත්‍ර හා සම්බන්ධ වෙයි. මෙම ක්ෂේත්‍ර සදහා විවිධ නම් යෝජනා වී ඇති අතර ඒවා අතරට පරිගණක කරණ බුද්ධිය, සංස්ලේශී බුද්ධිය,බුද්ධිමත් පද්ධතීන් හෝ පරිගණකමය සහේතුකතාව යනාදිය අයත් වෙයි.

අමතර අවධානයට

[සංස්කරණය]

සවිස්තරාත්මක සටහන්

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]

භාහිර සබැඳි

[සංස්කරණය]
  • Artificial Intelligence entry in the Internet Encyclopedia of Philosophy
  • Thomason, Richmond. "Logic and Artificial Intelligence". In Zalta, Edward N. (ed.). Stanford Encyclopedia of Philosophy.
  • Artificial Intelligence. BBC Radio 4 discussion with John Agar, Alison Adam & Igor Aleksander (In Our Time, 8 December 2005).
  • Theranostics and AI—The Next Advance in Cancer Precision Medicine.
"https://si.wikipedia.org/w/index.php?title=කෘත්‍රීම_බුද්ධිය&oldid=799710" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි