Jump to content

කබීර් බේඩි

විකිපීඩියා වෙතින්
කබීර් බේඩි
උපත16 ජනවාරි 1946 (1946-01-16) (වයස 80)
වෘත්තියsනළුවකු, රූපවාහිනී නිවේදකයකු
සක්‍රීය වසර1963–වර්තමානය
වල්ලභ(s)ප්‍රොතිමා ගෞරි (1969–199?)
සුසෑන් හම්ෆ්‍රීස්
නිකී මූලගඕකාර් (වි. 1992–2005)
ප්‍රවීන් දුසාන්ජ් (වි. 2017)
දරුවන්3, පූජා ද ඇතුළුව

කබීර් ‍බේඩි (උපත 16 ජනවාරි 1946) යනු ඉන්දියානු රූපවාහිනී සහ චිත්‍රපට නළුවෙකි. ඔහුගේ වෘත්තිය ඉන්දියාව, එක්සත් රාජධානිය සහ බොහෝ යුරෝපීය රටවල් ඇතුළු මහාද්වීප තුනක පැතිර පවතියි. ඔහු ප්‍රධාන වශයෙන්ම චිත්‍රපට, රූපවාහිනී සහ වේදිකා යන ක්ෂේත්‍රවල කටයුතු කරයි.[1] ඔහු වඩාත් ප්‍රකට වූයේ ටාජ් මහල්: ඇන් එටර්නල් ලව් ස්ටෝරි චිත්‍රපටයේ ෂා ජහාන් අධිරාජයාගේ චරිතය නිරූපණය කිරීම හේතුවෙනි. යුරෝපය තුළ ඔහු වඩාත් ප්‍රචලිත වූයේ සැන්ඩෝකන් සුප්‍රකට රූපවාහිනී කෙටි කතාමාලාවේ මුහුදු කොල්ලකරුවාගේ චරිතය සහ 1983 ජේම්ස් බොන්ඩ් චිත්‍රපටයක් වූ ඔක්ටොපසිහි ගෝබින්දා නැමැති දුෂ්ට චරිතය නිරූපණය කිරීම නිසායි. ඉතාලිය තුළ ද ජනප්‍රිය මොහුට චතුර ලෙස ඉතාලි බස හැසිරවිය හැක. ඉන්දියාව පාදක කරගත් කබීර් බේඩි වාසය කරන්නේ මුම්බායිහි ය.[2] 2017දී, ඔහු තෙලිඟු ඓතිහාසික චිත්‍රපටයක් වූ ගෞතමීපුත්‍ර සාතකර්ණි චිත්‍රපටයේ නාහපාන නැමැති බටහිර ක්ෂත්‍රප පාලකයාගේ චරිතය නිරූපණය කළේ ය.

චරිතාපදානය

[සංස්කරණය]

මුල්කාලීන දිවිය

[සංස්කරණය]

බේඩි බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයෙන් ඉන්දියාවේ නිදහස දිනා ගැනීම වෙනුවෙන් සටන් වැදුණු සික් පවුලක, උපන් දරුවන් ‍තිදෙනකු අතුරින් අයෙකි. ඔහුගේ පියා වූ බාබා ප්‍යාරේ ලාල් සිං බේඩි පන්ජාබි සික් කතුවරයකු සහ දාර්ශනිකයකු විය. ඔහුගේ මව වූ ෆ්‍රේඩා බේඩි එංගලන්තයේ ඩර්බිහි උපන් බ්‍රිතාන්‍ය කාන්තාවකි. ඇය ප්‍රකට වූයේ ටිබෙට් බුදු දහම වැළඳගෙන පැවිදි වූ ප්‍රථම බටහිර කාන්තාව ලෙසිනි. කබීර් බේඩි සිය අධ්‍යාපනය හදාළේ උත්තරඛාන්ද්හි නයිනිතාල්හි ෂර්වුඩ් විද්‍යාලයෙනි‍. ඔහු සිය උපාධිය හදාළේ දිල්ලියේ ශාන්ත ස්ටීවන් කොලීජියෙනි.

පෞද්ගලික දිවිය

[සංස්කරණය]

බේඩි සිව් වරක් විවාහ වී ඇති අතර, ඔහුට දරුවන් තිදෙනකු වේ. පූජා, සිද්ධාර්ත් (මියගිය) සහ ඇඩම් එම දරුවන් තිදෙනා වේ. පළමුව ඔහු ඕදිසි නර්තන ශිල්පිනියක වූ ප්‍රොතිමා බේඩි සමග විවාහ විය. ඔවුනගේ දියණිය වන පූජා බේඩි සඟරා/ පුවත්පත් තීරු ලේඛිකාවකි. ඔවුන්ගේ පුත්‍රයා වූ සිද්ධාර්ත් එක්සත් ජනපදයේ කාර්නෙජී මෙලන් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලද අතර, දිගු කාලයක සිට භින්නෝන්මාදයෙන් පෙළුණු ඔහු 1997 සියදිවි හානි කරගන්නා විට වයස 26කි.[3]

ප්‍රොතිමා සමග ඔහුගේ විවාහය දෙදරා යාමත් සමග, ඔහු පර්වීන් බාබි සමග ප්‍රසිද්ධියේ සම්බන්ධයක් පැවැත්වී ය. ඔවුන් කිසිදින විවාහ වූයේ නැත. පසුව ඔහු බ්‍රිතාන්‍ය සම්භවයක් ඇති මෝස්තර නිර්මාණ ශිල්පිනියක වූ සුසෑන් හම්ෆ්‍රීස් සමග විවාහ විය. ඔවුනගේ පුත්‍රයා වන ඇඩම් ජාත්‍යන්තර මෝස්තර නිරූපණ ශිල්පියකු වන අතර,[4] හෙලෝ? කෝන් හේ! චිත්‍රපටය ඔස්සේ ඔහු හින්දි සිනමාට ද පිවිසියේ ය.[5] මෙම විවාහය ද දික්කසාදයකින් කෙළවර විය.

1990 දශකයේ, බේඩි රූපවාහිනී සහ ගුවන්විදුලි නිවේදිකාවක වූ නිකී බේඩි හා විවාහ විය. ඔවුනට දරුවන් නොවූ අතර, 2005දී ඔවුහු දික්කසාද වූහ. ඉන් පසුව බේඩි බ්‍රිතාන්‍ය සම්භවයක් සහිත පර්වීන් දුසාන්ජ් සමග සම්බන්ධයක් පැවැත්වී ය.[6][7][8][9]

2016 ජනවාරි 15 දින එනම්, ඔහුගේ 70වන උපන්දිනයට දිනකට පෙර කබීර් සිය ‍දිගු කාලීන පෙම්වතිය වූ 41 හැවිරිදි පර්වීන් දුසාන්ජ් හා විවාහ විය.[10] කපීර් බේඩි මියන්මාර රජයට එරෙහි අරගලවලට සහාය දක්වන අතර, එක්සත් රාජධානියේ බුරුම ව්‍යාපාරයේ සාමාජිකයකු ද වේ.[11]මීට අමතරව රොටරි ඉන්ටර්නැෂනල් සවුත් ඒෂියා සංගමයේ ඉගැන්වීම් වැඩසටහන සහ ඉන්දියාවේ හා දකුණු ආසියාවේ සමස්ත සාක්ෂරතා මෙහෙයුම සඳහා සන්නාම තානාපතිවරයකු ලෙස කටයුතු කරයි.[12]

වෘත්තිය

[සංස්කරණය]

කබීර් බේඩි සිය වෘත්තිය ඇරඹූයේ ඉන්දියානු වේදිකාව තුළින් වන අතර, අනතුරුව ඔහු හින්දි චිත්‍රපට සමග සම්බන්ධ විය. හොලිවුඩ් චිත්‍රපට වෙනුවෙන් දායක වූ ප්‍රථම ඉන්දියානු අන්තර්ජාතික නළුවන්ගෙන් අයකු ලෙස ද බේඩි සැලකේ.

වේදිකා රංගනය

[සංස්කරණය]

වේදිකා නළුවකු ලෙස කබීර් ෂේක්ස්පියර්ගේ ඔතලෝ මෙන්ම, ඓතිහාසික ඉන්දියානු රජකු පිළිබඳ කියැවෙන ටුඝ්ලක්, ද වල්චර්ස් වැනි වේදිකා නාට්‍යවල රංගනයෙන් දායක වී තිබේ. ලන්ඩනයේ දී ඔහු ෂැෆ්ටස්බරි රඟහලේ දී එම්. එම්. කේයිගේ නවකථාවේ බටහිර අන්ත සංගීතමය අනුවර්තනයක් වූ ද ෆා පැවිලියන්ස් සඳහා ද දායක විය. 2011දී කබීර් ජෝන් මරල් නම් කැනේඩියානු නාට්‍ය රචකා යිසින් රචිත ‘තාජ්’ වේදිකා නාට්‍යයේ ෂා ජහාන් අධිරාජයාගේ චරිතය නිරූපණය කළේ ය. මෙය ටොරන්ටෝවේ ලුමිනේටෝ උත්සවය සඳහා ඉදිරිපත් විය.‍ 2013දී මෙම නාට්‍යය නැවත සලකා බැලීමට ලක්වූ අතර, කැනඩාවේ සති 8ක් බහු-නගර සංචාරයක් සඳහා ද යොදාගැනිණි.[13]

චිත්‍රපට වෘත්තිය

[සංස්කරණය]

ජේම්ස් බොන්ඩ් චිත්‍රපටයක් වන ඔක්ටොපසි තුළ ඔහු රොජර් මුවර් සමග අවසානය තෙක්ම සටන් වදින දුෂ්ට චරිතයක් වූ ගෝබින්දාගේ චරිතය නිරූපණය කළේ ය. කබීර් 60කට අධික ඉන්දියානු චිත්‍රපට සංඛ්‍යාවක රංගනයේ යෙදී ඇත. ඓතිහාසික වීරකථා චිත්‍රපටයක් වූ ටාජ් මහල්: ඇන් එටර්නල් ලව් ස්ටෝරි තුළ කබීර් විසින් ෂා ජහාන් අධිරාජයාගේ චරිතය නිරූපණය කරන ලදී. ඔහු විසින් ප්‍රධාන චරිත නිරූපණය කළ සෙසු හින්දි චිත්‍රපට අතර රාජ් ඛෝස්ලාගේ කච්චේ ධාගේ, රාකේෂ් රෝෂන්ගේ ඛූන් භාරි මාන්ග් සහ ෆාරා ඛාන්ගේ මේන් හූන් නා යන චිත්‍රපට ප්‍රධාන වේ.

කබීර් බේඩි රිතික් රෝෂන් (කයිට්ස්), ගෝවින්දා (ෂෝමෑන්), සහ අක්ෂේ කුමාර් (බ්ලූ) සමග චිත්‍රපට රූගත කොට ඇත.[14] මීට අමතරව ඔහු දීපා මෙහ්තාගේ චිත්‍රපටයක් වූ කාමගාත මාරු චිත්‍රපටයේ රංගනයේ යෙදුණේ අමිතාබ් බච්චන් සහ ජෝන් ඒබ්‍රහම් සමග ය. ඔහු වසන්තබාලන් විසින් අධ්‍යක්ෂණය කළ අරවාන් චිත්‍රපටයේ ද රැඟුවේ ය.

කබීර් කොලුම්බියා පික්චර්ස් විසින් ඇෆ්ගනිස්ථානයේ රුසියානු යුද්ධය අලලා නිර්මිත ද බීස්ට් ඔ‍ෆ් වෝ චිත්‍රපටයේ ද රංගනයේ යෙදුණේ ය. මෙය අධ්‍යක්ෂණය කළේ කෙවින් රෙනෝල්ඩ්ස් විසිනි. මීට අමතරව ඔහු ඩේවිඩ් ඩි ඩොනැටෙලෝ සම්මානලාභී මාර්කෝ පොන්ටිගේ Andata Ritorno නම් ඉතාලි චිත්‍රපටය සමග ද සම්බන්ධ විය.

රූපවාහිනී වෘත්තිය

[සංස්කරණය]

කබීර් ඇමරිකානු රූපවාහිනිය තුළ ද චරිත නිරූපණය කොට ඇති අතර, හෝල්මාර්ක්ගේ අප්‍රිකානු වීර කතාවක් වන ෆෝර්බිඩ්න් ටෙරිටරි, සහ කෙන් ෆොලට්ගේ ඔන් වින්ග්ස් ඔෆ් ඊගල්ස් මෙන්ම රෙඩ් ඊගල් කතාමාලාවන්ට ඔහු දායක වී ඇය. ඔහු NBC නාළිකාවේ ද ලොස්ට් එම්බයර් කතාමාලාවේ ෆ්‍රයර් සෑන්ඩ්ස් නම් චරිතය නිරූපණය කළේ ය. මීට අමතරව කබීර් ඩයිනාස්ටි, මර්ඩර්, ෂී රෝට්, මැග්නම් පී. අයි., හන්ටර්, නයිට් රයිඩර් සහ හයිලෑන්ඩර්: ද සීරීස් යන කතාමාලා සඳහා ද සිය රංගන දායකත්වය සැපයී ය.

යුරෝපය තුළ, ඔහුගේ විශිෂ්ටතම සාර්ථකත්වය වූයේ බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ විසූ සරාගී ආසියානු කොල්ලකරුවකුගේ ප්‍රේමයක් පිළිබඳ කියැවෙන සැන්ඩෝකන් නැමැති ඉතාලි-ජර්මන්-ප්‍රංශ රූපවාහිනී කතාමාලාවයි. මෑතක දී, කබීර් ඉතාලි රූපවාහිනී කතාමාලාවක් වූ RAI ටීවී නාළිකාවේ Un Medico in Famiglia කතාමාලාවේ ද රංගනයේ යෙදුණේ ය.

වසරකට අධික කාලයක් කබීර් ප්‍රධාන චරිත නිරූපණයෙහි යෙදුණු ද බෝල්ඩ් ඇන්ඩ් ද බියුටිෆුල් කතාමාලාව රටවල් 149ක බිලියනයකට අධික පිරිසක් නරඹා ඇත. මෙය ලොව දෙවන වඩාත් නැරඹූ රූපවාහිනී වැඩසටහන වේ.

ඉන්දියානු රූපවාහිනියේ ඔහු සතුව ඔහුගේම සිනමා සංවාද වැඩසටහනක් වන"Director's Cut" නැමැති කොටස් 13කින් යුත් විශේෂ වැඩසටහන තුළින් රටේ ප්‍රමුඛ අධ්‍යක්ෂකවරුන් සමග සම්මුඛ සාකච්ඡා ඉදිරිපත් කෙරෙයි. රූපවාහිනියේ ඔහු ලද සාර්ථකත්වය 2013දී ඉන්දියාවේ හෙඩ්ලයින්ස් ටුඩේ සහ ආජ් තක් යන පුවත් කාළිකාවන්හි සම්මාන ලද වැඩසටහන් වූ “Guns and Glory: The Indian Soldier” සහ “වන්දේමාතරම්” තුළින් පෙනේ.[15]

කබීර් බේඩි සිය නයිට් පදවිය ලබා ගනිමින්.

ඉන්දියානු බයිබල් රූපවාහිනී කතාමාලාවක් වන 'බයිබල් කි කහානියා' තුළ බේඩි විසින් යොවුන් සහ වියපත් ඒබ්‍රහම්ගේ චරිතය නිරූපණය කරන ලදී.

ගුවන්විදුලි වෘත්තිය

[සංස්කරණය]

2007දී ඔහු RAI රේඩියෝ2 නාළිකාවෙන් විකාශය වූ "Chat" වැඩසටහනේ සැන්ඩෝකන් චරිතය නිරූපණය කළේ ය. 2012දී ඔහු රේඩියෝ වන් වෙනුවෙන් ඉන්දියාවේ කර්මාන්ත ක්ෂේත්‍රයේ ශූරයන් වෙනුවෙන් 'Women of Gold' සහ 'Men of Steel' යන වැඩසටහන් මෙහෙයවී ය.

ටයිම්ස් ඔෆ් ඉන්ඩියා සහ ටෙහෙල්කා වැනි පුවත්පත්වල රටේ සමාජ සහ දේශපාලන විෂයයන් පිළිබඳ දායකත්වයක් සපයන රචකයෙකි, බේඩි. මීට අමතරව ඔහු ඉන්දියානු ජාතික රූපවාහිනියේ එවැනි විෂයයන් පිළිබඳ විවාදයන්ට ද සහභාගී වේ.[16]

සුබසාධන

[සංස්කරණය]

2017 පෙබරවාරි මස, අනර්තර්ජාතික සංවර්ධන සංවිධානයක් වූ Sightsavers වෙනුවෙන් බේඩි නව ‘සන්නාම තානාපති’ ලෙස කටයුතු කරන බැව් නිවේදනය කෙරිණි. මෙහි කටයුතු භාර ගනිමින් බේඩි පැවසූයේ, "වර්තමානයේ ඉන්දියාව තුළ අක්ෂි සෞඛ්‍යය පිළිබඳ පුළුල් දැනුවත්භාවයක් පවතියි. සයිට්සේවර්ස් විසින් සුවිසල් රටක ජනයාට අක්ෂි ප්‍රතිකාර ක්ෂේත්‍රයේ ලද ජයග්‍රහණයන් වෙත මග පෙන්වයි" යනුවෙනි.[17]

සම්මාන සහ නිර්දේශ

[සංස්කරණය]

1982 සිට, කබීර් සල රූ කලා සහ විද්‍යා ඇකඩමියේ (ඔස්කා සම්මාන ප්‍රදානය කරන) සහ ස්ක්‍රීන් ඇක්ටර්ස් ගිල්ඩ් යන මණ්ඩලවල සාමාජිකයෙකි.

යුරෝපය සහ ඉන්දියාව තුළ ඔහු චිත්‍රපට, වෙළඳ දැන්වීම් සහ ජනප්‍රියතා සම්මාන ගණනාවක් දිනා ඇත.[18]

ඉතාලි ජනරජයේ ජනාධිපතිගේ ආඥාව අනුව, 2010 ජූනි 2 දින කබීර් බේඩි හට නිල වශයෙන් නයිට් පදවියක් ප්‍රදානය කෙරිණි.[19]

චිත්‍රපට නාමාවලිය

[සංස්කරණය]
චිත්‍රපට තේමාවනිකුත් වූ වර්ෂයචරිතය
හල්චල්1971මහේෂ් ජෙට්ලි
සීමා1971
රාඛ් ඕර් හත්කාඩි1972සුරාජ්
සෂා1972
අ‍නෝඛා දාන්1972
කච්චේ ධාගේ1973රූපා
යෞවන්1973ජුම්රු
මාන්සිලේන් ඕර් භි හේන්1974
මා බහෙන් ඕර් බිවි1974
ඉෂ්ක් ඉෂ්ක් ඉෂ්ක්1974
අනාරි1975
නාගින්1976උදය
දාකු1976
හර්ෆාන් මෞලා1976
විශ්වාස්ඝාත්1976උදය
Bullet1976දුර්ගා ප්‍රසාද්/D.P.
The Black Corsair|1976 – ඉතාලිය
දාකු ඕර් මහත්මා1977
The Thief of Baghdad1978
අශාන්ති1979මලික්
ආඛ්රි කසම්1979කිෂාන්/ බදාල්
යුව්රාජ්5 ඔක්තෝබර් 1979
40 ඩේස් ඔෆ් මුසා දාඝ්1982ගේබ්‍රියල් බැග්‍රේඩියන්
Satan's Mistress1982ආත්මය
Octopussy1983ගෝබින්දා
Counterforce1988කෞරා
ඛූන් භාරි මාන්ග්12 අගෝස්තු 1988සංජේ වර්මා
මේරා ෂිකර්1988
Police Public11 මැයි 1990ජ්‍යෙෂ්ඨ පරීක්ෂක ෂා නවාස් ඛාන්
හාර් ජීත්1990
ෂේරා ෂාම්ෂේරා1990
කුර්බාන්31 මැයි 1991ඉන්ස්පෙක්ටර් සුරාජ් සිං
යේ ආග් කබ් බුජේගි19 අප්‍රේල් 1991
විෂකන්‍යා1991වන නිලධාරී වික්‍රම් සිං
දිල් ආෂ්නා හේ25 දෙසැම්බර් 1992දිග්විජේ සිං
යල්ගාර්23 ඔක්තෝබර් 1992රාජ් ප්‍රතාප් සිංහාල්
Beyond Justice1992මෞලෙත්
ලම්බු දාදා1992
ක්ෂත්‍රිය29 මාර්තු 1993ඨාකූර් ගංගා සිං (පොලිස් නිලධාරී)
යුගන්ධාර්1993කෝල් කනීර්
සලාමි18 මාර්තු 1994කැප්ටන්
Lie Down with Lions12 ජූනි 1994කබීර්
The Maharaja's Daughter1994චන්ද්‍රගුප්ත
OP Centre26 පෙබරවාරි 1995අබ්දුල්
කිස්මත්16 ජූනි 1995රාජන්
ආතන්ක් කි ආතන්ක්4 අගෝස්තු 1995පොලිස් පරීක්ෂක
Mashamal - Ritorno al Deserto19 ජූනි 1998එක්සාම්පල්
Figlio di Sandokan, II1998සැන්ඩෝකන්
කෝහ්රාම්13 අගෝස්තු 1999බ්‍රිගේඩියර් බේඩි
The Lost Empire11 මාර්තු 2001ෆ්‍රයර් සෑන්ඩ්
ක්‍රාන්ති15 අප්‍රේල් 2002මහේන්ද්‍ර ප්‍රතාප් රාණා
මේන් දිල් තුජ්කෝ දියා23 අගෝස්තු 2002වර්මා මහතා (අයේෂාගේ පියා)
තලාෂ්: ද හන්ට් බිගින්ස්...3 ජනවාරි 2003ඡෝටේ පතන්
The Hero: Love Story of a Spy11 අප්‍රේල් 2003සකාරියා මහතා
Father2004කාල්, පියා (වයලීන් වාදකයෙකි)
රුද්‍රාක්ෂ්13 පෙබරවාරි 2004වේද් පූජන්
අසම්භාව්23 ජූලි 2004
කිස්මත්2004රාජ් මාල්යා
A/R Andata & Ritorno2 අප්‍රේල් 2004ටොල්ස්ටෝජ්
මේන් හූන් නා30 April 2004‍ජනරාල් අමර්ජීත් බක්ෂි
බෙවාෆා2005අංජලීගේ පියා
Taj Mahal: An Eternal Love Story2005ෂා ජහාන් අධිරාජයා
දෝ රහා2006
ජාන්ලේවා2006රාකේශ් ඛුලාර්
A All About Her2006
Take 3 Girls2006මෝ
Showman2008
Blue2009කැප්ටන් ජගත් මල්හෝත්‍රා
Kites2010බොබ් ග්‍රෝවර්
යාරා ඕ දිල්දාරා2013
අරවාන්2012
චක්‍රව්‍යූහ2012මහන්තා, කර්මාන්තකරුවකු සහ රජයේ ගනුදෙනුකරුවෙකි.
දිල්වාලේ2015දේව් මලික්
අනර්කලි2015ජෆාර් ඉමාම්
බසෝදී2016රාම් පංචෞරි
මොහෙන්ජො‍ දාරෝ2016මහම්
ගෞතමීපුත්‍ර සාතකර්ණි2017නාහපාන
Edict of Expulsion 14922017සුල්තාන් බායිසිද්

රූපවාහිනිය

[සංස්කරණය]
රූපවාහිනී තේමාවමුදාහළ වර්ෂයතත්ත්වයචරිතය
Sandokan1976යුරෝපීය රූපවාහිනී කෙටි කතාමාලාවසැන්ඩෝකන්
La Tigre è Ancora Viva: Sandokan alla Riscossa1977යුරෝපීය රූපවාහිනී කෙටි කතාමාලාවසැන්ඩෝකන්
Dynasty1982රූපවාහිනී කතාමාලාවෆාරූක් අහමද්
General Hospital1983රූපවාහිනී කතාමාලාවරාමා
Knight Riderනොවැම්බර් 1985රූපවාහිනී කතාමාලාවවැස්කූන්
Dynasty1986රූපවාහිනී කතාමාලාවෆාරූක් අහමද්
On Wings of Eagles1986රූපවාහිනී කතාමාලාවමොහම්මද්
The Days and Nights of Molly Dodමැයි 1987රූපවාහිනී කතාමාලාවබිල්
Misteri della Giungla Nera, I (හෙවත් The Mysteries of the Dark Jungle)1991රූපවාහිනී කෙටි කතාමාලාවකම්මාමුරි
Il Principe del Deserto (හෙවත් Desert Law)1991රූපවාහිනී කතාමාලාවමෞලෙත් බෙනී-සාහීර්
The Bold and the Beautifulසැප්තැම්බර් 1994රූපවාහිනී කතාමාලාවඕමාර් කුමරු
Maharaja's Daughter1994රූපවාහිනී කතාමාලාවචන්ද්‍රගුප්ත
Highlander: The Series20 නොවැම්බර් 1995රූපවාහිනී කතාමාලාවකාමිර්
බයිබල් කි කහානියාන්1995රූපවාහිනී කතාමාලාවඒබ්‍රහම්, කුලදෙටුවා
Ritorno di Sandokan, II6 ඔක්තෝබර් 1996රූපවාහිනී කතාමාලාවසැන්ඩෝකන්
Noi siamo angeli (හෙවත් We are Angel)16 පෙබරවාරි 1997රූපවාහිනී කෙටි කතාමාලාවජනරාල් නැපෝලියන් ඩුරාට්
Forbidden Territory: Stanley's Search for Livingstone7 දෙසැම්බර් 1997රූපවාහිනී කතාමාලාවඛාමිස් බින් අබ්දුල්ලා
Team Knight Rider9 පෙබරවාරි 1998රූපවාහිනී කතාමාලාවඇරිස්ටෝටල් ඩ්‍රාගෝ
Murder She Wroteපෙබරවාරි 1988රූපවාහිනී කතාමාලාවවික්‍රම් සිං
Magnum, P.I.10 පෙබරවාරි 1988රූපවාහිනී කතාමාලාවමැල්කම්
L'isola dei famosi2004ඉතාලි රියැලිටි වැඩසටහනඔහු ලෙසම
The Bold and the Beautiful4 මැයි 2005රූපවාහිනී කතාමාලාවඕමාර් කුමරු
Vivereමැයි 2006ඉතාලි රූපවාහිනී කතාමාලාවඑමීර් ඊබ්‍රාහීම්
Director's Cut2007රූපවාහිනී විශේෂ වැඩසටහන් මාලාවඔහු ලෙසම
Un medico in famiglia 52007ඉතාලි රූපවාහිනී කතාමාලාවකබීර්
ගංගා කී ධීජ්2010–2011හින්දි රූපවාහිනී කතාමාලාවදාදා බායි
බුද්ධා2013හින්දි රූපවාහිනී කතාමාලාවඅසිත මුණිවරයා (පසුබිම් රංගනය)
වන්දේමාතරම්2013රූපවාහිනී විශේෂ පුවත් වැඩසටහන් මාලාවඔහු ලෙසම
Guns & Glory: The Indian Soldier2013රූපවාහිනී විශේෂ පුවත් වැඩසටහන් මාලාවඔහු ලෙසම
ජයි හෝ2014රූපවාහිනී විශේෂ පුවත් වැඩසටහන් මාලාවඔහු ලෙසම

ගුවන් විදුලි

[සංස්කරණය]
ගුවන්විදුලි තේමාවමුදාහළ වර්ෂයතත්ත්වයචරිතය
Ch@t (ඉතාලි ප්‍රබන්ධයI)2007RAI Radio2සැන්ඩෝකන්
'Women of Gold'2012RadioOneඔහු ලෙසම
'Men of Steel'2012Radio Oneඔහු ලෙසම

හඬකැවීම් චරිත

[සංස්කරණය]

සජීවී ක්‍රියාදාම චිත්‍රපට

[සංස්කරණය]
චිත්‍රපටයේ නමනළුවාචරිතයහඬකැවුම් භාෂාවසැබෑ භාෂාවමුදාහැරුණු සැබෑ වර්ෂයහඬකවා මුදාහළ වර්ෂයසටහන්
Prince of Persia: The Sands of Timeබෙන් කිංස්ලිනිසාම්හින්දිඉංග්‍රීසි20102010
Fantastic Fourරෙග් ඊ. කැතීආචාර්ය. ෆ්‍රෑන්ක්ලින් ස්ටෝර්ම්හින්දිඉංග්‍රීසි20152015
ව්‍යාපෘතියවර්ගයභාෂාවවර්ෂය
The Keeper of the Flame - The History of TATAවාර්තා වැඩසටහනඉංග්‍රීසි2007
චයිල්ඩ්ලයින් ඉන්ඩියා සඳහා හැඳින්වීමක්මහජන දැනුවත් ව්‍යාපාරය - කථිකඉංග්‍රීසි2008
එයාර්සෙල් ව්‍යාඝ්‍රයන් රැකගනිමු ව්‍යාපාරයමහජන දැනුවත් ව්‍යාපාරය - කථිකඉංග්‍රීසි2009
Ford Motors launch Figo, Indiaසජීවී ඉසව්ඉංග්‍රීසි2010
සෝම්නාත් දේවාලය, ගුජරාත්ශ්‍රව්‍ය සහ ආලෝක වැඩසටහනඉංග්‍රීසි2010
රතු බලකොටුව, නව දිල්ලිශ්‍රව්‍ය සහ ආලෝක වැඩසටහනඉංග්‍රීසි2011
විරාසාත්-ඉ-ඛල්සා - ඛල්සා උරුම අනුස්මරණ සංකීර්ණය, පන්ජාබ්කථිකඉංග්‍රීසි2011
ඇපලෝ ටයර්වෙළඳ දැන්වීමඉංග්‍රීසි2013
ජින්දල් පැන්තර්වෙළඳ දැන්වීමඉංග්‍රීසි2014
බන්දා සිං බහදූර් - යුධ ස්මාරකය, පන්ජාබයශ්‍රව්‍ය සහ ආලෝක වැඩසටහනඉංග්‍රීසි2014
TAJ හෝටල්, සේව්‍යස්ථාන සහ මන්දිරවෙළඳ දැන්වීමඉංග්‍රීසි2014
DHLවෙළඳ දැන්වීමහින්දි2015
යමහාවෙළඳ දැන්වීමහින්දි2015
Mount of Excellenceවාර්තා කථනයඉංග්‍රීසි2015
පාර්ලේවෙළඳ දැන්වීමහින්දි සහ ඉංග්‍රීසි2016
තනිෂ්ක්වෙළඳ දැන්වීමඉංග්‍රීසි2016

සාමාජිකත්වය

[සංස්කරණය]
සල රූ කලා සහ විද්‍යා ඇකඩමිය
Screen Actors Guild
රූපවාහිනී සහ ගුවන් විදුලි කලාකරුවන්ගේ ඇමරිකානු ෆෙඩරේෂනය
බ්‍රිතාන්‍ය නළුවන්ගේ සාධාරණ සංවිධානය

ආශ්‍රේයයන්

[සංස්කරණය]
  1. ↑ "Internationally acclaimed Indian actor". IMDb. 1971–2016.
  2. ↑ "Residence of Kabir bedi".
  3. ↑ Kabir Bedi Misses Late Son on Father's Day සංරක්ෂණය කළ පිටපත 18 ජනවාරි 2014 at the Wayback Machine
  4. ↑ "Archived copy". 25 June 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 6 August 2013.{{cite web}}: CS1 maint: archived copy as title (link)
  5. ↑ Adam Bedi baptised[භින්න වූ සබැඳිය]
  6. ↑ "Let's keep it a surprise: Parveen Dusanj - The Times of India". The Times Of India. 2013-01-26 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
  7. ↑ "When Dad likes them young! - The Times of India". The Times Of India.
  8. ↑ Ahmed, Afsana; Sharma, Smrity (6 May 2007). "Another Parveen is Kabir Bedi's love". The Times of India.
  9. ↑ "I'm closest to Prateik". Filmfare.com. 10 February 2012. සම්ප්‍රවේශය 22 April 2013.
  10. ↑ "Kabir Bedi ties knot with Parveen Dusanj on 70th birthday". Ibnlive.com. 17 January 2016. සම්ප්‍රවේශය 17 January 2016.
  11. ↑ "Kabir Bedi's voice for Burma's Mandela". Daily News & Analysis.
  12. ↑ http://sagarmediainc.wordpress.com/2013/12/14/rotary-international-come-up-with-the-t-e-a-c-h-programme/ සංරක්ෂණය කළ පිටපත 29 ජනවාරි 2015 at the Wayback Machine
  13. ↑ Kabir Bedi & Lisa Ray Discuss ‘TAJ’
  14. ↑ Collection of articles on Kabir Bedi සංරක්ෂණය කළ පිටපත 29 ජූනි 2009 at the Wayback Machine
  15. ↑ The NT Awards - 2014 Winners
  16. ↑ Bedi, Kabir. "Kabir Bedi Blog".
  17. ↑ http://www.indiantelevision.com/mam/marketing/brands/kabir-bedi-is-sightsavers-brand-ambassador-170228
  18. ↑ Kabir Bedi: Awards page, http://www.kabir-bedi.com/facts/awards/awardsmain.asp, ප්‍රතිෂ්ඨාපනය 2017-11-25
  19. ↑ "Knight in shining armour". The Times of India. 11 December 2010.

බාහිර සබැඳි

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=කබීර්_බේඩි&oldid=722654" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි